Chanaranga's World

බීපු කාලකණ්ණියෙක් නිසා මට වෙච්ච ඇබැද්දියක්…

Posted on: December 25, 2009

accident

මේ මට වෙච්ච ඇබැද්දියක්…ටිකක් දිග කතාවක්…

ගිය සතියේ ඉරිදා… ඒ කියන්නෙ දෙසැම්බර් 20…

එදා රෑ party එකක් තිබුනා… ඒක ඉවර වෙලා මම ලෝචනායි එයාගෙ නංගි එක්ක එයාලගෙ ගෙදර යන්න(හොරණ) යන්න ගියා කියමුකො…

ඉතිං පිළියන්දල පහු වෙනකොට රෑ 12 පහුවුනා විතරයි…

වැඩිය වේගෙන් ගියෙත් නෑ… 50ට-60ට විතර ඇති… පාර අයිනෙ තිබුන මොටර් බයිසිකලයක් එක පාරටම U turn එකක් ගැහුවා, හරියටම මම ගියපු lane එකේ මැදටම… හැප්පෙන එක නවත්තන්න මම පාරේ අනිත් පැත්තට ගත්තත් වැඩක් වුනේ නෑ… ඩෝං… හැප්පුනා…

මම හිතුවෙ වැදිච්ච විදියට ඌට හොදටම තුවාල ඇති කියලා… මොන හීරිලාවත් නෑ… බැලින්නං ඒ කාලකණ්ණියා හොදටම බීලා… ඌට බයික් එකක් ගෙනියන්න තියා කෙළින් යන්නවත් බෑ… පොර හරියට U turn එක ගැහුවනන් හැප්පෙන්නෙ නෑ… ඌ බීපු තරමට මොන U turn ද…

මටත් full insurance නැති නිසා අලාභේ බේර ගන්නත් එපැයි… ඒ පාර එතන හිටපු මනුස්සයෙක් කිව්වා, මෙතන තැන හොද නෑ ඉක්මනට මාරු වෙන්න, එයා හෙට උදේට බේරන්නන් කියලා… මටත් ඕනෙ උනේ ඉක්මනට එන්න… ගෑණු ළමයි දෙන්න විතරයි නේ කාර් එකේ…

කොහේ එන්නද… මාව අදිනවා අනික් පැත්තට… වැඩේ බේර ගන්න කියලා… ඒ අස්සෙ බයික් එකේ ආපු එකා ගහන්න ආවා… එක පාරක් ගුටිත් කෑවා… කවදා කාපු කටුද… මාත් කොහොම හරි එතනින් පැනලා ආපහු යන්න පිටත් උනා…

ටික දුරක් යද්දි තේරුණා රෝදෙ හුළං නෑ කියලා… ඉතිං ටයර් එක මාරු කරගන්න ඇණ ගලවද්දි wrinch එක කඩලා ගියා… අලි මදිවට හරක්… ඉතිං එතනින් ගිය වාහනයක් නවත්තලා wrinch එකක් ඉල්ලගෙන ටයර් එක මාරු කරා… ඒ වාහනේ මනුස්සයා තමයි වැඩේ කරේ… නම දන්නෙ නෑ… බොහොම පිං…

ආපහු යන්න හැදුවා… මොන… ආයෙත් අර කාලකණ්ණි ටික ආවා ත්‍රී වීල් එකක… උන් ඇවිත් මට බහින්නලු අලාබෙ බේරන්න… ලෝච් මාව අල්ලගෙන බහින්න එපා කියලා…

වැඩේ හරියන පාටක් නැති නිසා කෙලින්ම ගියා පිළියන්දල පොලිසියට… උන් කොහේ ගියාද දන්නේ නෑ… හැබැයි හැප්පිච්ච තැනම බයික් එක තිබුනා… කොහොමත් ඒක ගෙනියන්න බෑ… ඒ පාර ලෝච්ගෙ යාලුවෙකුට කොල් එකක් දුන්නා… එයා හෝමාගම ප්‍රාදේශීය සභාවෙ සභාපති… නම රංග… සහන්, එරංග, සුජීත් ආවා… රශිල් අයියත් ආවා…

ඊට පස්සෙ පොලිසියේ පැමිණිල්ලක් දැම්මා… පොලිසියත් එක්ක රංග අයියගේ කැබ් එකේ ගිහින් බයික් එක පොලිසියට ගෙනාවා…

රෑ 3.15ට විතර සේරම ඉවර වෙලා පොලිසියෙන් එලියට ආවා… ලෝච්ගේ ගෙදර යද්දි 3.45යි.

ඊට පස්සෙ අගහරුවාදා දවල් ආපහු ‍පොලිසියට ගියා… උන් ඇවිත් හිටියෙ නෑ… පොලිසියෙන් කිව්වා ඌ බීලා හිටපු බව ඔප්පු කරන්න බෑ කියලා… අපරාදෙ… ඌ තුවාල උනා නන් මොනා හරි කරන්න තිබ්බා… ඉතිං පොලිසියෙන් කිව්වා කීයක් හරි අරන් දෙන්නන් කියලා… පස්සෙ පොලිසියෙන් කතා කරලා රු.3500 දුන්නා… මගේ අලාබෙ රු.10,000 විතර… මොනා කරන්නද…

ඔන්න ඔහොමයි බීපු කාලකණ්ණියෙක් නිසා බීලා නොහිටිය, මාර්ග නීති නොකඩපු මම, ගුටි කාලා, රු.10,000 විතර අලාබෙයක් වින්දෙ… ඇයි රස්තියාදුව… වැරැද්ද කළේ ඌ, දඩුවම් වින්දෙ මම… අනේ මෙහෙමත් වැඩ…

රංග අයියටයි, අක්කිටයි, ඒ ගොල්ල එක්ක ආපු හැමොටමයි බොහොම පිං…  සහන්, එරංග, සුජී ටත් බොහොම පිං… රශිල් අයියත් ආවනේ… බොහොම ස්තුතියි… තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මාත් එක්ක පොලිසියේ රස්තියාදු වෙච්ච සම්පත්(ඩොකා) ටත් බොහොම පිං…

උදව් කරපු හැමොටමයි, පොලිසියටයි ගොඩක් තුති…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Enter your e-mail here...

Join 42 other followers

Catch me on Facebook

Stats

  • 3,381 hits
%d bloggers like this: