Chanaranga's World

Archive for January 2010

මේ කතාව මම නාපු හොදම නෑම ගැන…

ඔන්න එක දවසක් අපි trip එකක් යන්න set වුනා… Main objective එක නෑම… මාත් ඉතිං ගියා ලෝචනාගේ ගෙදර… එහේට තමයි කට්ටිය set වෙන්න plan කරගෙන තිබ්බේ…

මම එහාට යනකොට හොද ගණන්… ලෝච් ඉන්නෙත් ඩොටේ නේ… ඉතිං දුර කතර ගෙවාගෙන යන්න ඕනේ… මම කලින් දවසේ රේස් එකකුත් පැදලා හිල්ටන් එකේ පිස්සුවකුත් නටලා හිටියේ… නිදිමතේ… කොහොම හරි එහාට ගියා කියමුකෝ… අනේ මම යද්දි කස්ටිය හැමෝම ඇවිත් හිටියේ නෑ… කට්ටිය හැමෝම set වෙනකොට ටිකක් විතර දවල් වෙලා… ආන්ටි දවල් කෑමත් හදලා දුන්නා (කෑම නන් මරු…)

අපි ගියේ ඉංගිරියේ නාන තැනකට… ගියේ crew cab එකක පිටිපස්සේ… ඒකත් මරු… හැබැයි වලවල් වල වැටෙද්දි හොද ගණන්…

DAYOUT1

ලෝච්, පවි, මල්ලි, යශෝධා අක්කී, ඉසුරිනී අක්කී, මෙවන් අයියා, ඉන්දික අයියා, පෙට්ටි අයියා(මට නම මතක නෑ… සොරි වෙන්න ඕන…), ලසිත්, හියුගෝ… තව ගොඩක් හිටියා… නම් මතක නෑ… කවුරු හරි comment එකක දාන්න හොදේ…

ඔන්න ඉතිං නාන තැනට ගියා… ඉංගිරිය පහුකරලා හැරෙන්න ඕනේ… අම්මෝ ඒ පාර ලෝච්ගෙ ගෙදර පාරටත් වඩා අන්තයි… off road වාහනයක් ඕනෙ ඒ පාරෙ යන්න… වෙලාවට crew cab එකක ආවෙ…

තැන නන් මරු… වතුර ගානට… වැඩිත් නෑ, අඩුත් නෑ… නාන්න කලින් පොඩ්ඩක් විතර set වෙලා ගියේ… මරු coke එකක් තිබුනා… බීමත් bubble gum වගේ… එහෙම බීමක් නන් කලින් බීලා නෑ… 🙂 ලසිත් සින්දු කිව්වා මාරයි(එල මචන් you are the best)… ඔක්කොම ඉවර වෙලා වතුරට බැස්සා… මාරයි… සෑහෙන වෙලාවක් නෑවා… වෙලාවට මගේ කකුල cramp වුනේ නෑ… පවිගෙ කකුල cramp වෙලා එක කෙලියයි… කොහොම හරි නෑවා නියම නෑමක්…

DAYOUT2

ඉතිං නාලා ඉවර වෙලා ගොඩට ඇවිත් කෑවා… ආන්ටිගේ කෑම ටික නන් මරු… පොල් සම්බලත් මරු(ඒක හැදුවේ ලෝච්ලු… හොදයි කිව්වෙ නැත්තන් ඉවරයි…) කිරි හොදි නන් පොඩ්ඩයි තිබ්බේ… ඒකෙන් ටිකක් අරගෙන cab එක හෝදන්න… 😉 ඔක්කොම ඉවර වෙලා ආපහු එන්න පිටත් වුනා… ආපු විදියටම cab එකේ පිටිපස්සේ ආවා… මරු day out එක…

DAYOUT3

කස්ටිය හැමෝම ආපහු ලෝච්ගේ ගෙදර ඇවිත් තේ බීලා, තව සින්දු ටිකකුත් කියලා, සියල්ලෝම සතුටින් විසිර ගියා…

කොහොම හරි කාලෙකට පස්සේ මරු day out එකක්… මටත් invite කරාට ලෝච්ට ගොඩක් පිං… Had a great time… Thank you all guyz… Looking forward to get together again…

(Someone please put all the missing names in a comment…)

මගේ නම, “චනරඟ රංගන මදනායක රත්නසිංහ“… නම “චනරඟ“ උනාට හැමෝම කියන්නෙ “චනරංග“ කියලා… ඒක උනේ මෙහෙමයි… ඉංග්‍රීසියෙන් මගේ නම ලියද්දි ‘ඟ‘ ලියන්න වෙන්නෙ ‘nga’ කියලා… ග යන්න ඉස්සරහින් දාන පොඩි කෑල්ල (ඒකට කියන නම මතක නෑ) වෙනුවට තමයි n අකුරක් දාන්න වෙන්නෙ… ඉංග්‍රීසි අවුල නිසා මම “චනරංග – Chanaranga“ වුනා… එක අතකට කියවගන්න අමාරු “චනරඟ“ ට වඩා “චනරංග“ හොදයි… දිව පැටලෙන්නෙත් නෑ නෙ… 😉

හැමෝගෙම නමට තේරුමක් තියෙනවා නේ… හැබැයි මගේ නමට නන් තේරුමක් නෑ…!!! ඒක නිකං කටට ආපු නමක්… ඒක නිසා වෙන්න ඇති මගේ නම unique වෙලා තියෙන්නෙ… මගේ e-mail addresses වල එක එක අතුරු කෑලි නැත්තෙ ඒකනේ… chanaranga@gmail.com, chanaranga@yahoo.com, chanaranga@live.com නමක් හිත හිත ඉද්දි අපේ මාමා තමයි නම දාලා තියෙන්නෙ… ඒ වෙලාවෙ කටට ආපු නමක්… 🙂

වැඩිය අහන්නෙ නැති නමක් තියන එක වෙලාවකට මහ වදයක්… ගොඩක් වෙලාවට එක පාරකට වඩා නම කියන්නම වෙනවා… කාට හරි ලියාගන්න නම කියනවා නන් මම කරන්නෙ පළවෙනි පාර විතරයි කියන්නෙ… ඊට පස්සෙ කෙලින්ම spellings ටික කියනවා… ඒක ලේසි… මොනවා උනත් unique නමක් තියන එක ගැන ටිකක් ආඩම්බරයි…

ඒක නෙවෙයි… මගේ යාළුවා, දිල්ශාන් blog එකක් ලියන්න පටන් අරන්… http://dilshankanchana.blogspot.com/… මම වගේ වැඩකට නැති ඒවා ලියන්නෙ නෑ… Technical ඒවා තමයි ලියන්නෙ… ඒ කියන්නෙ වැදගත් දේවල්… 😉 නිකං ඉන්න වෙලාවකට ගිහිං බලන්න… පාඩුවක් වෙන එකක් නෑ…

ඔන්න මමත් දැන් final year student කෙනෙක්… 😉 ටිකක් විතර ආඩම්බරයි… හැබැයි ලොකු ඔළුවක් නන් නෑ…

Degree එකේ අන්තිම අවුරුද්ද ජනවාරි 11 පටන් ගත්තා…

වැඩ පටන් ගත්තට තාම හරියට kick එකක් ආවේ නෑ… හැබැයි project එක පටන් ගත්තම kick කෙසේ වෙතත් හික් ගෑවෙයි වගේ… 🙂

මමත් ඔන්න project එකක් තෝර ගත්තා… “Port JVM to L4” මාර වැඩේ කියන්නෙ මට project එක තනියම කරන්න වෙන්නේ… එකෙක් වත් එන්නෙ නෑ නෙ… Title එක කිව්වම හැමෝම හැරිලා යනවා… මට හිතා ගන්න බැරි ඇයි මෙච්චර OS වලට බය කියලා…

ලබන සතියේ නන් හෙල්ලෙන්න වෙලාවක් වෙන එකක් නෑ… project presentation… project proposal… ඒ අස්සෙ LUG එකයි Microsoft එකයි තියන්නත් ඕනේ නේ… ඉතිං තව presentation දෙකක්… අම්මෝ… ඔළුව උස්සන්න වෙලාවක් වෙන එකක් නෑ…

මේ සේරම ඉවර වෙන්න තව මාස 8 ක් තියෙනවා… වලියක් දාගත්තෙ නැත්තං මේ අවුරුද්දෙ අගෝස්තු වල out වෙන්න පුළුවන්… (වලි නන් එන්න එපෝ…)

Out වුනා කියමුකෝ… ඊට පස්සේ…??? Department එකේ ටික කාලයක් ඉන්න ආසයි… ඒත් තියා ගනීද කවුද දන්නෙ…??? Higher Studies කරන්න තමයි හිතාගෙන ඉන්නෙ… ඒත් කියන්න බෑ නෙ මොනවා වෙයිද කියලා…

හරියට වැඩේ නොවුනොත් ආපහු industry එකට යන්න තමයි වෙන්නෙ… IFS එකෙන් ආපහු ගනීද දන්නෙ නෑ… 😉


Enter your e-mail here...

Join 42 other followers

Catch me on Facebook

Stats

  • 3,372 hits