Chanaranga's World

අපේ බෞද්ධ කම ගැන…

Posted on: May 27, 2010

කාලෙකට පස්සේ ලියන්න වෙලාවක් හම්බ වුනා. පහුගිය දවස් ටිකේ වැඩ ගොඩයි. exam, project… දවසේ පැය 24 මදි වැඩ ටික කරගන්න. අලි මදිවට හරක් කියලා ඒ අස්සේ ඔළුවේ අමාරුවකුත් හැදුනා. 😦 හත් අට පාරක් hospital එකේ admit වුනා. MRI 3යි, EEG ECG බර ගානකුයි ගත්තා. හොදට වියදම්. දැනට ලක්ෂ 2ක් විතර. පරණ, ප්රථම සහ එකම ප්රේමයට පිං සිද්ද වෙන්න භාගෙට වඩා හොයා ගත්තා. ඉතිරි ටික talent එකක් use කරලා හොයා ගත්තා. (නෑ නෑ හිඟා කෑවෙ නෑ. කාර් රේස් පැද්දා). කොහොම හරි ඔන්න තාම ජීවතුන් අතර ඉන්නවා.

අද වෙසක් නේ. ඉතින් උදේ පාන්දර නැගිට්ටේ TV එකේ බණක් ඇහිලා. කොහොමත් පෝය දවස් වලට TV එකේ බලන්න මෙලෝ දෙයක් නැති එකේ වෙසක් පෝය දවස ගැන කවර කතාද…???

දැන් මේ වෙන දේවල් දකිද්දි කල කිරෙනවා. හරි හරි මමත් මහ ලොකු බෞද්ධයෙක් නෙවි. ඒ වුනාට අපිටත් දුක හිතෙන සීන්ස් නේ දැන් වෙන්නේ. මම TV එකේ බණ පොඩ්ඩක් අහන් හිටියා. බණ අහන්න ඇවිත් ඉන්න අය බණ අහන්නේ නෑ. සමහරු බර කතාවල්, සමහරු හොදට නිදි. පව් අනේ අර හාමුදුරුවෝ… කොහොමත් ලංකාවේ බණ අහන කියන හැටියට පිලිපදිනවනන් ලංකාව කොයි තරන් ලස්සන රටක් වෙන්න ඕනෙද? හැමෝම නිකං ඔහේ බණ අහනවා. පිලිපැදිල්ලක් නෑ…

දැන් ඔය ගොඩක් අය සිල් ගන්නෙත් fashion එකටනේ. ලඟ තියෙන ගමේ පන්සලේ නෙවෙයි සිල් ගන්නේ. කොහේ හරි ලොකු පන්සලක. එක්කෝ TV එකේ බණ කියන හාමුදුරු කෙනෙක් ගේ පන්සලට. ආ… අලුත්ම fashion එක නේ භාවනා මධ්‍යස්ඨාන. අනේ මේවා බුදු හාමුදුරුවෝ දන්නවනන්…

ඔය TV එකේ බණ කියන හාමුදුරුවො බහුතරයකගෙත් අමූලික බොරුවනේ. බණ කියන කොට නන් සිල්වත් කම බේරෙනවා. නිකන් වෙලාවට තමයි බලන්න ඕන. යන්නේ පට්ට වාහන වලින්, pajero, montero, benz. ඒ මදිවට කරන වැඩ. සමහරු ඉන්නේ පන්සල් වල නෙවි. Fully air conditioned අසපු වල. අදින සිවුරු ලක්ෂ ගණන් වටින ඒවා.

මාතර ඉන්නවා හාමුදුරුවො කෙනෙක්(නම කියන්නේ නෑ. දන්නෝ දනිති). කොච්චර සිල්වත්ද කියනවනන් සෙරෙප්පු දාන්නෙත් නෑලු. බැලින්නන් පොර යන්නේ montero එකකින්. ඉතින් සෙරෙප්පු මොකටද? අර කවුද කිව්වා වගේ බුදු හාමුදුරුවො ආවොත් සිවුරු ගලවනවා ගොල්ෆේස් එකේ තියලා…

අද post එක නිසා හිත් රිදීම් උනා නන් සමා වෙන්න ඕන. කියන්න කතා නන් ගොඩක් තියෙනවා. හෙමීට ලියන්නන් කෝ…

1 Response to "අපේ බෞද්ධ කම ගැන…"

මටත් මතකයි අපි ගමේ පන්සලට ගියා පිරිතකට හාමුදුරුවොන්ට ආරධනා කරන්න. හාමුදුරුවො BUSY නිසා ටිකක් වෙලා බලාගෙන හිටිය. හාමුදුරුවො පේන්න නති නිසා තට්ටු කරල බලුව. තරුණ හාමුදුරු නමක් දොර අරල කිව්ව තව ටිකකින් එන්නන් කියල. හදිස්සියෙ දොර අරියට TV එකේ සද්දෙ අඩු කරන්න අමතක වෙලා. මම අවිත් තියෙන්නෙ වැරදි වෙලාවක කියල තේරුනේ එතකොට. නාට්ටි බලල සසරෙන් එතෙර වෙන හැටි තෙරුම් ගන්න හදන එකට බාදා කරාට මට පවු සිද්ධ වෙන්න අති…පස්සෙ ලොකු හාමුදුරුවො ආව, අතේ MOBILE PHONE දෙකයි. මට හිතුන DUAL SIM phone එකක් අරන් දුන්න නන් ලොකු පිනක් වෙයිද කියල.

ඒත් ඔක්කොම හාමුදුරුවො ඒ වගේ නෙවෙයි. මම මේ ආරාදනා කරන්නේ “මහා සන්ඝරත්නයට” කියල හිතාගෙන හිත හදාගෙන ආව.

අනුන්ගෙ වැරදි කියපු පලියට මම හොද කෙනෙක් වෙන්නෙ නැහැ. අපි හමොගෙම වැරදි නැතුව නෙවේ. වෙන ආගම් වලත් ඔන තරම් ඔය වගේ දේවල් වෙනව ඇති. ඒ ගැන මම කියන්න ගියොත් මම “ආගම් වාදියෙක්” වෙලා තව ප්‍රශ්න වැඩි වෙන නිස මුකුත් කියන්නෙ නැහැ.

ඒත් අපිව සසරෙන් එතෙර කරන්න ඉන්නෙ මෙහෙම අයද ? ඒ ගැන හිතනකොට අපි යන්නෙ කොහෙටද කියල හිතෙනව. මොන ආගමෙ වුනත් ධාර්මික වෙනව නන් හොදයි.

Leave a reply to Janaka Peiris Cancel reply

Enter your e-mail here...

Join 42 other subscribers

Catch me on Facebook

Stats

  • 3,819 hits