Chanaranga's World

Archive for July 2011

කාලෙකට පස්සේ මේකේ මොකක් හරි ලියන්න ඕනෙ කියලා හිතුන. දැන් නන් අකුරුත් අමතක වෙලා (කෝ කෝ typing තමයි) ලියන්න දේවල් ගොඩක් තිබ්බත් කම්මැලි කම ඔක්කොටම වඩා ලොකුයි නේ.

මෙච්චර දවසක් machine එකේ windows තිබුනෙ නෑ. අලුත් ubuntu එක දාගත්තට පස්සෙ windows ඕනෙ නෑ කියලා හිතුනා. හැබැයි ඒකෙ සිංහල අකුරු ටිකක් අවුල්. Adults only film එකක් බලන්න වගේ සමහර තැන් වල කොටු කොටු. ලියන්න පරක්කු වෙන්න ඒකත් එක හේතුවක්.

මට මේක ලියන්න හිතුනෙ මේ දවස් වල කොළඹ දැකලා. හැදීගෙන යන විදියට සිංගප්පූරුවටත් එහා යන පාටක් තියෙන්නෙ. ඇත්තටම ලස්සනයි. හැබැයි ඕක කොච්චර කල් ලස්සනට තියෙවිද කියන එක ප්‍රශ්නයක්.

පළවෙනි හේතුව quality එක. සාමාන්‍ය යෙන් ලංකාවෙ කොන්ත්‍රාත් එකක් කරද්දි පාස් වෙන ගානෙන් භගෙට විතර, බාල බඩු දාලානේ කරන්නෙ. විශේෂයෙන් රජයේ වැඩ. කවුරු ආණ්ඩුවේ හිටියත් හැමදාම උනේ ඕකනේ. මේ වැඩෙත් එහෙමද දන්නෑ. එහෙම උනොත් නන් ඉතින් වැඩි කාලයක් ලස්සන බලන්න වෙන එකක් නෑ.

අනිත් හේතුව ලංකාවෙ මිනිස්සුන්ගේ ආකල්ප (සිංහලෙන් නන් attitudes) කොච්චර ලස්සනට හොද තත්වයෙන් හැදුවත්, මිනිස්සු හරියට පාවිච්චි කරන්නෙ නැත්තන් වැඩක් නෑ නේ. ලංකාවෙ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට තමන්ගේ රට කියලා හැගීමක් නෑ නේ. තමං සල්ලි දීලා ගත්තොත් විතරයි තමංගේ. ඉතිං පොදු දේපල ගැන කිසිම ගානක් නෑ.

ඕකට හොදම උදාහරණය පාරට කුණු දැමීම. යන වාහනේ, බස් එකේ, කෝච්චියේ වීදුරුවෙන් කෙලින්ම කුණු ටික එලියට. රේල් පාර අයිනේ, station එකේ තියන කුණු ටික ඒකට හොදම සාක්කිය. කොච්චර කුණු බාල්දි තියල තිබ්බත් වැඩක් නෑ. (හැබැයි පාරෙ තියෙන කුණු බාල්දි වල ගහල තියෙන්නෙ Litter Box කියලනේ. ඕක සිංහලෙන් ගැහුවොත් හරි යයිද දන්නෑ)

අපි කවදාවත් අපේ ගෙදර තැන් තැන් වල, වත්තේ කුණු දාන්නේ නෑ නේ. ඒ අපේ නිසා. මේ රටත් අපේ කියලා හිතුවනන් එහෙම තැන් තැන් වල කුණු දාන එකක් නෑ නේද? කොච්චර දඩ ගැහුවත් ඔය වැඩේ හරි යන්නේ නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් උනේ නැත්තං. පොඩි කාලේ ඉදලා ළමයින්ට හුරු කලානන් අනාගතේදී හරි හැදෙයි. වැඩේ තියෙන්නේ අම්මටයි තාත්තටයි හැගීමක් නැතුව ළමයින්ට දෙන්නේ කොහොමද?

දැන් ටික දවසකට කලින් මම ගෙදර එනකොට බෙන්තර හරියේ කිලෝ මීටර් 2-3 විතර දිගටම තැනින් තැන කෑම පෙට්ටී. (රිජිෆෝම් lunch boxes) පාර පුරාම දාලා. ටික දුරක් යද්දි බස් පෝලිමක් නවත්තලා තිබ්බා. Army එකේ අයගේ. ඒ අය තමයි අර කුණු දාලා තිබ්බේ. රට ගැන වැඩියෙන්ම හැගීමක් තියෙන්න ඕන මිනිස්සුත් එහෙම නන් අනිත් අය ගැන කවර කතාද.

මිනිස්සු මේ දේවල් ගැන හිතනව නන් ලංකාව මීට වඩා කොච්චර ලස්සන වෙයිද. අනිත් එක වට පිටාව ලස්සනට තිබ්බට වැඩක් නෑ මිනිස්සුන්ගේ හිත් ලස්සන නැත්තම්. බහුතරයක් මිනිස්සුන්ගේ හිත්වල තියෙන්නේ කුණු. ඉරිසියාව, තරහ හිතේ පුරෝගෙන. මහ ලොකුවට පන්සල් පල්ලි නන් යනවා. ඒත් එලියෙන් විතරයි සුදු පාට.

ලංකාවේ මිනිස්සුන් ගේ ආකල්ප ගැන නන් වෙනම blog එකක් ලියන්න පුළුවන්. මට හිතෙන දේවල් ටික ටික මේකෙ ලියන්නම්. (දැන් අතත් රිදෙනවා. කාලෙකින් නේ මෙච්චර type කරේ.)

මම ලංකාවට ආදරෙයි. හැබැයි කවදා හරි ලංකාව දාලා යයි. (ඒකට හේතුව ලංකාවෙ මිනිස්සුන්ගේ වැඩ. මට වුන දේවල්.) ඒත් මගේ රට ශ්‍රී‍ ලංකාව කියන හැගීම හැමදාම හිතේ තියේවි.

අපි හැමෝම මේක මේක මගේ රට කියලා හිතනවනන් (විශේෂයෙන්ම පොලිටික්කන්) ලංකාව දියුණු කරන එක එච්චර අමාරු වෙන එකක් නෑ නේද…???


Enter your e-mail here...

Join 42 other followers

Catch me on Facebook

Stats

  • 3,374 hits