Chanaranga's World

දවස සැප්තැම්බර් මාසේ 20 වෙනිදා. (හරියටම හොයා ගත්තේ credit card එකේ බිලෙන්) සති දෙකක් විතර හිතේ හිරකරගෙන හිටපුවා අද නන් කියනවමයි කියලා හිතාගෙන office ගියා.

හවස් වෙනකන් කියා ගන්න හම්බ උනේ නෑ. (නිරෝෂාන්ට කතාව කියන්න මෙච්චර අමාරු වෙච්ච එකේ අදාල පුද්ගලයට කියද්දි heart attack එකක් වත් හැදෙයිද දන්නෑ)

ඔන්න කොහොම හරි යන්න ටික වෙලාවකට කලින් නිරෝෂාන්ට chat එකක් දැම්මා.

මචන්, ……… ට කොල්ලෙක් ඉන්නවද? (ඔය ටික type කරලා enter එක ගහන්න සෑහෙන්න දුකක් වින්දා)

දන්න විදියට නන් නෑ මචන්. Interested ද? 😉

මමත් පට්ටම ලැජ්ජාවෙන් ඔව් කියා ගත්තා. (sure එකටම රතු වෙන්නත් ඇති)

ඒ වෙලාවේ නිරෝෂාන්ට මාර fun

මේක මෙහෙම කතා කරන්න බෑ මවන්. කොහේ හරි යමු අද හවස. 

මාත් එක පයින් හා…

හවස දෙන්නත් එක්ක ගියා water’s edge broadwalk එකට. පොඩි walk එකක් එහෙම දාලා beer pitcher එකකුත් අරන් වාඩි උනා කතා කරන්න. ටික වෙලාවක් යද්දි නදීර call කරනවා Germany යේ ඉදන්. (ඒකට තමයි කියන්නෙ ඉව කියලා) නදීරටත් කිව්වා scene එක.

දෙමව්පියන් ගේ අවසරේ ලැබුනා කියලා හිතා ගනින්. නදීරගේ response එක.

ඔන්න ඔය විදියට Mission……….. පටන් ගත්තා. (නම හරි නෑ කියලා පස්සේ නම වෙනස් කරා. ඒක වෙනමම කතාවක්)

කොහොම හරි එදා දෙන්නත් එක්ක beer pitcher එකයි, mugs 3යි. කෙලින් යන්නත් බෑ. හැබැයි යද්දි නන් ගියේ 120ට විතර. වංගු ටික ඔක්කොම වගේ හැරෙව්වේ handbreak එකෙන්. (පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනා නන් අපි දෙන්නා තාම යනවා)

ඔන්න ඉතින් start එක නන් හරි. දැන් ඉතිං පටන් ගනින්කො පස්සෙන් යන්න. කවදා කාපු කටුද.

ජීවිතේට කෙල්ලෙක් ගෙන් අහලා නැති මම දැන් ඉතිං අහපන් කො. එහෙම එක පාරට අහන්නත් එපාලු. බලාගෙන ගියාම ඒකත් ලේසි පාසු වැඩක් නෙවෙයි. දෙමව්පියො දෙන්නගෙ අවවාද අනුශාසනා මැද ඔන්න මමත් වැඩේට බැස්සා. හැබැයි මට නන් හිතෙන්නේ තාම එයාට තේරිලාවත් නැතුව ඇති sure එකටම.

Mission එකේ ඉතිරි කතාත් අවසර සහ ඉඩ ලැබෙන විදියට දාන්න තමයි හිතාගෙන ඉන්නේ.

End එක කොහොම වෙතත් start එක නන් පට්ට. ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැති events ටිකක්. නෑ නෑ බය වෙන්න එපා. How I met your mother වගේ series එකක් ගහන්න idea එකක් නෑ… 🙂

Advertisements

සුරංගනාවියක්…

කොහේදෝ ඉදන් හිත ළගටම ඇවිත්…

හෙමිහිට තට්ටු කරද්දි…

ගෙදර කවුරුත් නෑ… මම කෑ ගැහුවා…

ඒත්, හොරෙන්ම වගේ හිත ඇතුලටම ඇවිත්…

කවදාවත් නොදැනුනු අමුතුම හැගීමක්…

මම දිව්වා… හයියෙන්ම…

ඒත්, මුළු හිතම අයිති කරගෙන…

හැංගෙන්න තැනක් නෑ මට…

මගේම හිත ඇතුලේ මම අතරමං වෙලා…

අෙප් රටේ ෙගාඩක් මිනිස්සු හිතාෙගන ඉන්ෙන් විශ්ව විද්‍යාල ළමයි කියන්ෙන් නවක වදය දීලා ඔලුව ෙවනස් කරපු ෙජප්ෙපා ටිකක් කියලා. එක අතකට ඒකට බනින්නත් බෑ. එක මාධ්‍යයකින් වත් හරි ෙද් එලියට ෙදන්ෙන් නෑෙන්. (මහ ෙලාකුවට මාධ්‍ය නිදහස ගැන නන් කෑ ගහනවා)

අෙප් සුදු මල්ලිෙග්(චරිත) facebook post එකක ඔය ෙගාඩක් ෙද්වල් වලට උත්තර දීලා තිබුනා. ඒ නිසා මට හිතුනා ඒක blog එෙක් දාන්න. (Copyrights violate කරා කියලා මට ෙමානවා හරි කරයිද දන්නෑ. ෙකාෙහාමත් Apple එක්කම ෙන් වැඩ. ඒ නිසා sure නෑ. මට ෙමානවා හරි උෙනාත් සුද්දා තමයි.) ෙමන්න post එක.

————————————————————————————————————————-

මේ රටේ සමහරක් හිතාගෙන ඉන්නෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න ඕනෙ කියල. පාට කන්ණාඩියක් දැම්මට පස්සෙ, තමන්ගෙ පාටට පේන ඕනෙම කුනුගොඩක් හොඳක් විදියටයි දකින්නෙ. හැමෝටම මතක ඇති, පේරාදෙණිය කැම්පස් එකේදි ස්.බී ට හූ කිව්ව වෙලාවෙ ගෙවල් වල හිටිය අම්මල තාත්තල අපට කුනු බැනුම් බැන්න. හැබයි දැන් ඒ අම්මල තාත්තලටම ස්.බී ට විරුද්දව පාරට බහින්න වේලා. හැබැයි මතක තියාගන්න අපිට එදා බැන්නට අපි තවමත් අසාධාරනයට විරුද්ධව කෑගහනව. ඒ නිකන් දෙන දේ ඉගෙන ගන්න ඕනෙ කමක් නැති නිසා නෙමයි. සිද්දවෙන අසාධාරනය බලාගෙන ඉන්න බැරි නිසා. මතක තියාගන්න එහෙම කෑගැහුව කියල අපි ජෙප්පො නෙමේ. කාගෙවත් අතකොලුත් නෙමෙයි. මතක තියා ගන්න, හැමෝම හිතාගෙන ඉන්න විදියට, මාස දෙක තුනක් තියෙන නවක වදයෙන් අපෙ ඔලු හෝදල අපිව කාගෙවත් අතකොලු කරන්න තරම් අපි කොන්ද පණ නැති මිනිස්සුත් නෙමෙයි. නවක වදයෙන් අපි ලබුවෙ මිහිරි අත්දැකීමක්. ජඩ දේශපාලුවො කියන විදියට ඒක වදකාගාරයක් නෙමෙයි. ඒ නිසා කැම්පස් කොල්ලෙක් පාරට බැස්සම නිකන් බනින්න ලෑස්ති වෙන්න එපා, නිකන් දෙන දේ කාල ඇදල ඉන්න බැරුව නටනව මෙතන කියල. ඔව් ඇත්ත, එහෙම පාරට බැස්සම පාරෙ වාහන තදබද ඇති වෙනව. මිනිස්සුන්ගෙ එදිනෙදා වැඩපිලිවෙල ටිකක් වෙනස් වෙනව මේ නොසන්සුන් තත්වය නිසා. එහෙම තමා මේ දේවල් පාලකයොන්ට දැනෙන්නෙ. නැතුව කට්ටියම ගිහින් පාලු පිට්ටනියක කෑගහුවට වැඩක් වෙන්නෙ නැහැ. මතක තියා ගන්න, මෙහෙම කෑගැහල ලැබුන ප්‍රතිලාභ ගොඩාක් බුක්ති විදින්නෙ මෙතන පොරටොක් දෙන අයගෙ දූල පුතාල. නිදහස් අධ්‍යාපනයෙ පිහිට ලබන්න ඕනෙ නංගිල මල්ලිල. එයාල වෙනුවෙන් අපි හෙටටත් කෑගහනව. මේක මතක තියා ගන්න. ” පාලකයින් දැන් රටට පෙන්වීමට උත්සහ කරන්නේ රාජ්‍ය අධ්‍යාපනය යනු පුස්සක් සහ වටිනාමක් නැති දෙයක් ලෙස සහ පුද්ගලික අධ්‍යාපනය යනු ස්වර්ග රාජ්ජයක් ලෙසය. මෙහි සත්‍ය තත්වය සිහිනුවණින් මෙරට ජනතාව වටහා නොගනීනම් අනාගතය මෙන්ම, වර්තමානයද නන්නත්තාර වීම වලක්වා ගත නොහැකිය.”

රටේ කෙතරම් පුද්ගලික විශ්ව විද්යාල ඇති උනත් කමක් නෑ. ඒව නිසි ප්‍රමිතියකට පවත්වන්න ඕන. නැත්නම් ඒ ඒ වෘත්තීන්ගේ වටිනාකම් නැති වෙලා යාවි කවද හරි දවසක. ඒ අතරෙ නැති බැරි මිනිහට ඉස්සරහට එන්න නිදහස් අධ්‍යාපනය තරඟකාරී තත්වයන් යටතේ පවත්වාගෙන යන්න ඕන. එහෙම නැතුව රටේ නිදහස් අධ්‍යාපනය තියෙනව කියල පෙන්නන්න, ඔහේ අමාරුවෙන් ඇදගෙන යන පහසුකම් හා ප්‍රමිතීන් නැති, තියෙනවා කියන්නට පමණක් තියෙන නිදහස් අධ්‍යාපනයක් රටකට වැඩක් නැහැ.

මම වැඩිය facebook පැත්තෙ යන්නෙ නෑ. ප්‍රධානම හේතුව ඒකෙ තියන විකාර… Newsfeed එකේ තියන posts වලින් බාගයක්ම අර කාටූන් මූන තියන විකාර… ඉතිරි බාගෙ අනිත් ආගම් වලට මඩ ගහපු ඒවා… වැදගත් කමක් තියන එකක් තියෙන්නෙ හරිම කලාතුරකින්…

මට හිතෙන විදියට ලංකාවේ ඊලග යුද්ධෙ එන්නේ facebook නිසා, ආගම් වාදී සහ ජාතිවාදී යුද්ධයක්… මේ පුංචි ලංකාවෙ ආගම්, ජාති එක එකා ගහගන්න ගියොත් රටක් ඉතුරු වෙන එකක් නන් නෑ…

එක් එක් ආගම් වල ඇදහීම්, විශ්වාසයන් එකිනෙකට වෙනස්… එක ආගමක ඇදහීමක් තවත් ආගමිකයෙක්ට විහිළුවක් වෙන්න පුළුවන්… සමහර වත් පිළිවෙත් පවුකාර වැඩක් වගේ පේන්න පුළුවන්… හැබැයි ඒවා ඒ අයගේ ඇදහීම්… ඒවාට ගරු කරන එකයි මනුස්සකම… හැමෝම අනිත් අයට ගරු කරගෙන හිටියොත් නිදහස් ලංකාවක නිදහස් මනසකින් ජීවත් වෙන්න පුළුවන් කියල තමයි මට නන් හිතෙන්නෙ…

ලංකාවේ ජාතිවාදය එදා ඉදලම ඇවිස්සුවේ මිනිස්සුන්ව ගොනාට අන්දල ඡන්දෙ ගන්න දේශපාලනේ… අපේ රටේ ඉන්න හරක් ටිකත් අපරාදෙ කියන්න බෑ ශෝක් එකට ලණුව ගිලිනවා… එදා උනෙත් ඒක අද වෙන්නෙත් ඒක… sure එකටම හෙටත් ඔය ටිකම තමයි…

මේ facebook එකේ ඕවා කරන අයත් එහෙම වෙන්න ඕනේ… නැත්තන් මානසික ආබාධ තියෙන කස්ටියක්… අපේ හරක් ටිකත් හෝ ගාලා like, comment, share කරනවා… කොහේවත් ඉන්න මානසික පිස්සෝ ටිකක් කරන වැඩ post කරනවා… අපේ අයත් ඕව බලලා ලග ඉන්න අනිත් ආගමේ මිනිහට, නැත්තන් පංසලකට, පල්ලියකට, කෝවිලකට ගහනවා… මට නන් පේන්නෙ මහ මෝඩ වැඩක් විදියට… අනිත් එක ඔය දේවල් කොච්චර ඇතිතද කියලා කවුද දන්නේ…

අනිත් එක ඔය අහක යන කුණු කන්දල් අපේ ඔළුවේ දාගෙන ඉන්නෙ මොකටද… අපි ඔය මෝඩයින් ගේ වැඩ ගනන් ගන්නේ නැතුව හිටියොත් ඒවා ඉබේම නවතීවි… අනික අපිටත් නිදහස් මනසකින් ජීවත් වෙන්න පුළුවන්… කඩේකට යන්න කලින් ඒක සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියල බලන්නේ නැතුව ගොඩ වෙන්න පුළුවන්… මනුස්සයෙක්ගෙ ජාතකේ හොයන්නේ නැතුව ආශ්‍රය කරන්න පුළුවන්… කොච්චර නිදහස්ද…

මට නන් හිතෙන්නේ අපි මොලේ පාවිච්චි නොකරොත් විනාසයක් වෙන එක වැඩි ඈතක නෙවෙයි කියලා… අපේ පුංචි ලංකාවේ හැමෝටම එදා වගේ නිදහසේ එකට ජීවත් වෙන්න පුළුවන් වේවා කියාගෙනම post එක නවත්තනවා… 

ෙම්ක ටික දවසකට කලින් facebook එෙක් දාපු post එකක්… blog එක සම්පූර්ණ ෙවන්නත් එක්ක ෙම්ෙකත් දාන්න හිතුනා…

(Title එකක් මතක් උෙන් නෑ… 😦 )

ආසයි මමත්…
නුඹේ අත අල්ලන්, මල් පාරෙ ඇවිදින්න…
නුඹට නොරිදෙන්න, තොල් පෙනි සිපගන්න…
සීතල රෑට, නුඹේ උණුහුමට ගුලිවෙන්න…
මූද දිහා බලාෙගන, නුඹක් එක්ක හීන දකින්න…
මම නුඹට ආදරෙයි, කෑ ගහල කියන්න…
ලෝකෙම එපා කියද්දි, නුඹත් එක්ක ජීවත් වෙන්න…
ඒත්… අසරණයි මං…
නුඹම එයට හරස් වන කල…

කාලෙකට පස්සේ මේකේ මොකක් හරි ලියන්න ඕනෙ කියලා හිතුන. දැන් නන් අකුරුත් අමතක වෙලා (කෝ කෝ typing තමයි) ලියන්න දේවල් ගොඩක් තිබ්බත් කම්මැලි කම ඔක්කොටම වඩා ලොකුයි නේ.

මෙච්චර දවසක් machine එකේ windows තිබුනෙ නෑ. අලුත් ubuntu එක දාගත්තට පස්සෙ windows ඕනෙ නෑ කියලා හිතුනා. හැබැයි ඒකෙ සිංහල අකුරු ටිකක් අවුල්. Adults only film එකක් බලන්න වගේ සමහර තැන් වල කොටු කොටු. ලියන්න පරක්කු වෙන්න ඒකත් එක හේතුවක්.

මට මේක ලියන්න හිතුනෙ මේ දවස් වල කොළඹ දැකලා. හැදීගෙන යන විදියට සිංගප්පූරුවටත් එහා යන පාටක් තියෙන්නෙ. ඇත්තටම ලස්සනයි. හැබැයි ඕක කොච්චර කල් ලස්සනට තියෙවිද කියන එක ප්‍රශ්නයක්.

පළවෙනි හේතුව quality එක. සාමාන්‍ය යෙන් ලංකාවෙ කොන්ත්‍රාත් එකක් කරද්දි පාස් වෙන ගානෙන් භගෙට විතර, බාල බඩු දාලානේ කරන්නෙ. විශේෂයෙන් රජයේ වැඩ. කවුරු ආණ්ඩුවේ හිටියත් හැමදාම උනේ ඕකනේ. මේ වැඩෙත් එහෙමද දන්නෑ. එහෙම උනොත් නන් ඉතින් වැඩි කාලයක් ලස්සන බලන්න වෙන එකක් නෑ.

අනිත් හේතුව ලංකාවෙ මිනිස්සුන්ගේ ආකල්ප (සිංහලෙන් නන් attitudes) කොච්චර ලස්සනට හොද තත්වයෙන් හැදුවත්, මිනිස්සු හරියට පාවිච්චි කරන්නෙ නැත්තන් වැඩක් නෑ නේ. ලංකාවෙ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට තමන්ගේ රට කියලා හැගීමක් නෑ නේ. තමං සල්ලි දීලා ගත්තොත් විතරයි තමංගේ. ඉතිං පොදු දේපල ගැන කිසිම ගානක් නෑ.

ඕකට හොදම උදාහරණය පාරට කුණු දැමීම. යන වාහනේ, බස් එකේ, කෝච්චියේ වීදුරුවෙන් කෙලින්ම කුණු ටික එලියට. රේල් පාර අයිනේ, station එකේ තියන කුණු ටික ඒකට හොදම සාක්කිය. කොච්චර කුණු බාල්දි තියල තිබ්බත් වැඩක් නෑ. (හැබැයි පාරෙ තියෙන කුණු බාල්දි වල ගහල තියෙන්නෙ Litter Box කියලනේ. ඕක සිංහලෙන් ගැහුවොත් හරි යයිද දන්නෑ)

අපි කවදාවත් අපේ ගෙදර තැන් තැන් වල, වත්තේ කුණු දාන්නේ නෑ නේ. ඒ අපේ නිසා. මේ රටත් අපේ කියලා හිතුවනන් එහෙම තැන් තැන් වල කුණු දාන එකක් නෑ නේද? කොච්චර දඩ ගැහුවත් ඔය වැඩේ හරි යන්නේ නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් උනේ නැත්තං. පොඩි කාලේ ඉදලා ළමයින්ට හුරු කලානන් අනාගතේදී හරි හැදෙයි. වැඩේ තියෙන්නේ අම්මටයි තාත්තටයි හැගීමක් නැතුව ළමයින්ට දෙන්නේ කොහොමද?

දැන් ටික දවසකට කලින් මම ගෙදර එනකොට බෙන්තර හරියේ කිලෝ මීටර් 2-3 විතර දිගටම තැනින් තැන කෑම පෙට්ටී. (රිජිෆෝම් lunch boxes) පාර පුරාම දාලා. ටික දුරක් යද්දි බස් පෝලිමක් නවත්තලා තිබ්බා. Army එකේ අයගේ. ඒ අය තමයි අර කුණු දාලා තිබ්බේ. රට ගැන වැඩියෙන්ම හැගීමක් තියෙන්න ඕන මිනිස්සුත් එහෙම නන් අනිත් අය ගැන කවර කතාද.

මිනිස්සු මේ දේවල් ගැන හිතනව නන් ලංකාව මීට වඩා කොච්චර ලස්සන වෙයිද. අනිත් එක වට පිටාව ලස්සනට තිබ්බට වැඩක් නෑ මිනිස්සුන්ගේ හිත් ලස්සන නැත්තම්. බහුතරයක් මිනිස්සුන්ගේ හිත්වල තියෙන්නේ කුණු. ඉරිසියාව, තරහ හිතේ පුරෝගෙන. මහ ලොකුවට පන්සල් පල්ලි නන් යනවා. ඒත් එලියෙන් විතරයි සුදු පාට.

ලංකාවේ මිනිස්සුන් ගේ ආකල්ප ගැන නන් වෙනම blog එකක් ලියන්න පුළුවන්. මට හිතෙන දේවල් ටික ටික මේකෙ ලියන්නම්. (දැන් අතත් රිදෙනවා. කාලෙකින් නේ මෙච්චර type කරේ.)

මම ලංකාවට ආදරෙයි. හැබැයි කවදා හරි ලංකාව දාලා යයි. (ඒකට හේතුව ලංකාවෙ මිනිස්සුන්ගේ වැඩ. මට වුන දේවල්.) ඒත් මගේ රට ශ්‍රී‍ ලංකාව කියන හැගීම හැමදාම හිතේ තියේවි.

අපි හැමෝම මේක මේක මගේ රට කියලා හිතනවනන් (විශේෂයෙන්ම පොලිටික්කන්) ලංකාව දියුණු කරන එක එච්චර අමාරු වෙන එකක් නෑ නේද…???

කාලෙකට පස්සේ ලියන්න වෙලාවක් හම්බ වුනා. පහුගිය දවස් ටිකේ වැඩ ගොඩයි. exam, project… දවසේ පැය 24 මදි වැඩ ටික කරගන්න. අලි මදිවට හරක් කියලා ඒ අස්සේ ඔළුවේ අමාරුවකුත් හැදුනා. 😦 හත් අට පාරක් hospital එකේ admit වුනා. MRI 3යි, EEG ECG බර ගානකුයි ගත්තා. හොදට වියදම්. දැනට ලක්ෂ 2ක් විතර. පරණ, ප්රථම සහ එකම ප්රේමයට පිං සිද්ද වෙන්න භාගෙට වඩා හොයා ගත්තා. ඉතිරි ටික talent එකක් use කරලා හොයා ගත්තා. (නෑ නෑ හිඟා කෑවෙ නෑ. කාර් රේස් පැද්දා). කොහොම හරි ඔන්න තාම ජීවතුන් අතර ඉන්නවා.

අද වෙසක් නේ. ඉතින් උදේ පාන්දර නැගිට්ටේ TV එකේ බණක් ඇහිලා. කොහොමත් පෝය දවස් වලට TV එකේ බලන්න මෙලෝ දෙයක් නැති එකේ වෙසක් පෝය දවස ගැන කවර කතාද…???

දැන් මේ වෙන දේවල් දකිද්දි කල කිරෙනවා. හරි හරි මමත් මහ ලොකු බෞද්ධයෙක් නෙවි. ඒ වුනාට අපිටත් දුක හිතෙන සීන්ස් නේ දැන් වෙන්නේ. මම TV එකේ බණ පොඩ්ඩක් අහන් හිටියා. බණ අහන්න ඇවිත් ඉන්න අය බණ අහන්නේ නෑ. සමහරු බර කතාවල්, සමහරු හොදට නිදි. පව් අනේ අර හාමුදුරුවෝ… කොහොමත් ලංකාවේ බණ අහන කියන හැටියට පිලිපදිනවනන් ලංකාව කොයි තරන් ලස්සන රටක් වෙන්න ඕනෙද? හැමෝම නිකං ඔහේ බණ අහනවා. පිලිපැදිල්ලක් නෑ…

දැන් ඔය ගොඩක් අය සිල් ගන්නෙත් fashion එකටනේ. ලඟ තියෙන ගමේ පන්සලේ නෙවෙයි සිල් ගන්නේ. කොහේ හරි ලොකු පන්සලක. එක්කෝ TV එකේ බණ කියන හාමුදුරු කෙනෙක් ගේ පන්සලට. ආ… අලුත්ම fashion එක නේ භාවනා මධ්‍යස්ඨාන. අනේ මේවා බුදු හාමුදුරුවෝ දන්නවනන්…

ඔය TV එකේ බණ කියන හාමුදුරුවො බහුතරයකගෙත් අමූලික බොරුවනේ. බණ කියන කොට නන් සිල්වත් කම බේරෙනවා. නිකන් වෙලාවට තමයි බලන්න ඕන. යන්නේ පට්ට වාහන වලින්, pajero, montero, benz. ඒ මදිවට කරන වැඩ. සමහරු ඉන්නේ පන්සල් වල නෙවි. Fully air conditioned අසපු වල. අදින සිවුරු ලක්ෂ ගණන් වටින ඒවා.

මාතර ඉන්නවා හාමුදුරුවො කෙනෙක්(නම කියන්නේ නෑ. දන්නෝ දනිති). කොච්චර සිල්වත්ද කියනවනන් සෙරෙප්පු දාන්නෙත් නෑලු. බැලින්නන් පොර යන්නේ montero එකකින්. ඉතින් සෙරෙප්පු මොකටද? අර කවුද කිව්වා වගේ බුදු හාමුදුරුවො ආවොත් සිවුරු ගලවනවා ගොල්ෆේස් එකේ තියලා…

අද post එක නිසා හිත් රිදීම් උනා නන් සමා වෙන්න ඕන. කියන්න කතා නන් ගොඩක් තියෙනවා. හෙමීට ලියන්නන් කෝ…

Enter your e-mail here...

Join 42 other followers

Catch me on Facebook

Stats

  • 3,395 hits